Wednesday, July 20, 2016

ABOUT YOUR VEHICLE A - Z....


   මේ දවස් වල VAT එකයි තව තව එක එක TAX නිසා වාහන වල මිල අහස උසට නැගල, අලුතින් වාහන පාරට එක් වෙන්නේ නම් නෑ වැඩිය.ගොඩක් අය තමන්ගේ තියන වාහනය පාවිචිචි කරන්න පෙලබෙනවා.ඉතින් දිගු කාලයක් පාවිචිචි කරන ඔයාගේ වාහනයේ කාලයෙන් කාලයට එක එක ලෙඩ දෙනවනේ.මේ සමහර ලෙඩ නම් පිළිකා වගේ හැමතැනම ඔඩු දුවනවා.එක ප්‍රශ්නයක් හැදුවම තව එකක් වෙලාවකට හරි එපා වෙනවා නේ ද ?

   ඉතින් ඔයාලා ලගම තියෙන Garage එකට අරන් යනවා වාහනය.වාහනය හදන්න දාල ඊලග දවසේ ගියාම අර unit එක ගිහිල්ලා මේ unit එකේ relay එක ගිහිල්ලා ඔය වගේ ලෙඩ කෝටියයි නේ,ඔයාලත් ඉතින් ආ එහෙමද බාස් උන්නැහේ,ආ එකද ඔහොම හුමිටි තිය තිය ඔයාලත් අහන් ඉන්නවා සමහර කියන දේවල් වල වචන තේරෙන්නෙත් නෑ,ඒත් අහන් ඉන්නවා කොහොම කොහොම හරි Pocket එකට දැනෙන ගනනකට තට්ටු වෙනවා.

   ගානක් ගියත් කමක් නෑ ගොඩක් වෙලාවට මෙහෙම හැදුවට ආපහු ඒ Problem එකම නේ.ඔන්න ඔහොම වුනාම එපා වෙනවා නේ වාහනයත් එක්කම.එත් මෙකට Problem එක Garage එකම හෝ ඒ හදපු බාස් උන්නැහේ නෙමේ.ඔයාගෙ වාහනය පිලිබඳ ඇති නොදැනුවත්කමයි. ඒක තේරුනාම බාස් උන්නැහේත් ඔයාගෙන් වැඩිපුර ගානක් ගන්න ඔයාගෙ නොදැනුවත්කම යොදාගනිනවා.

   මෙන්න මේකට මගේ Blog එකෙන් ඔයාලට කියල දෙන්න මම අදහස් කරනවා.මෝටර් රථ විදුලි කාර්මික ශිල්පියෙක් විඩියට දිගු කාලීන මගේ අත්දැකීම් වලින් වාහනයක් සම්බන්ධයෙන් දැනගත යුතුම දේවල් මම කියල දෙනවා.මෙතන ඉදන් ඉදිරියට මගේ Blog පිටුව සමග සම්බන්ධ වීමේන් එම අත්‍යවශ්‍ය දැනුම ලබා ගැනීමෙන් ඔබලාට ඉහත කී ලෙස කරදර වලින් නිදහස් වෙලා නිසි පරිදි උපරිම කාර්යක්ෂමතාවයකින් යුතුව ඔබේ වාහනය පාවිච්චි කිරීමට හැකි වෙයි.එහෙනම් අපි ඉදිරියට හම්බවෙමු.....! 

   

Friday, March 6, 2015

CONTACT US FOR ANY ELECTRICAL FAULTS IN YOUR VEHICAL

      We do all kind of Auto Electrical Works  in your vehicle..!


   Contact Us :- 071-6077447